Social Icons

පස්වන වතාවටසි ශ්‍රි ඤාණේශ්වර දහම් පාසල පලමු තැනට




හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය බලප්‍රදේශයට අයත් ඓතිහාසික සිත්තම් ගල්ලෙන රජමහා විහාරස්ථ ශ්‍රි ඤාණේශ්වර දහම් පාසල සිසුන් 547 ගෙන් හා ගුරුමණ්ඩලය23 කින් සමන්විත මෙම ප්‍ර දේශයේ ඇති දිදුලනම දහම් පාසල ලෙස 2011,2012,2013 ,2014 වලස්මුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩල සිසුනිපුණතා ඇගයීම් වලින් විශිෂ්ඨ ජයග්‍රහන ලබාගැනීමට හැකිවීය.
 2014 වර්ෂයට නියමිත වලස්මුල්ල සාසනාරක්ෂක බලමණ්ඩල සිසුනිපුනතා ඇගයීම් 2014 සැප්තැම්බර් 21 වෙනිදින පැවැත්වුනු අතර ඒසදහා සිසුසිසුවියන් 39ක් සහභාගි විය ඉන්
ප්‍රථම ස්ථාන       - 12
දෙවන ස්ථාන     - 08
තුන්වන ස්ථාන   -06
සිවුවන ස්ථාන    -02
පස්වන ස්ථාන  -   02
-------------------------------------------
සමස්ථ සථාන

 සංඛාව             - 31

සිත්තම්ගල්ල රාජමහාවිහාර නැණසල සහතිත ප්‍රදානය 2014


සිත්තම්ගලු නැණසල පරිගණක හා ඉංග්‍රීසි පුහුණු පාසලේ 2014 වර්ශයේ සහතික පත් ප්‍රදාන ඊයේ (2014.08.24) සිත්තම්ගලු රජමහා විහාර ධර්ම ශාලාවේදි සියම්මහා නිකායේ ශ්‍රි රොහන පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති අගලබඩ පියසිරි අනුනායක හිමියන්ගේ ප්‍රදානීත්වයෙන් පැවැත්විය ඒ සදහා ප්‍රදාන් ආරාදිත අමුත්තන්ලෙස දකුණු පලාත් මන්ත්‍රි සිංහ සමන්කුමාර මැතිදුන් ,ප්‍රවීන දේශක විජිත මුනසිංහ මැතිදුන් අවට පාසල්වල විදුහලු පතිවරුන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වුනා .සිසු සිසුවියන් 82 නෙකු සහතිපත් ලබාගත් අතර සියලු දහම්පාසල් සිසුසිසුවියන්ද (520) ඔවුනගේ දෙමාපියන් ඇතුලු විශාල පිරිසක් මේසදහා සහභාගීවු අතර උත්සව සභාව අවසානයේ සියලු දෙනාට සිරිපැරකුම් චිත්‍රපටයද් පුලුල් තිරයක නැරබීමට අවස්තාව හිමිවුනා
 

 

Siththamgalu Nanasala English school


අලුතෙන් පටන්ගත්තට වැඩක්නැ පරන මධ්‍යස්ථාන වලට රැකගන්න බැරිනම්.


ICT  ආයතනය දිවයිනේ නොයෙක් ස්ථාන වල අලුතෙන් නැණසල මධ්‍යස්ථාන ආර්ම්භ කරනු ලැබුවද  මේවන විට ආරම්භ කර ඇති ආයතන වල ප්‍රගතියට උදවු නොකිරීම කනගාටුවට කරුනකි.දැනට ලංකාවේ ආරම්භ කර ඇති නැණසල මධ්‍යස්ථාන බෙහොමයක් අක්ක්‍රීය තත්වයේ තිබෙනව. එවා පන ගන්වා ක්‍රීයාත්මක තත්වයට පත්නොකර අලුතින් මධ්‍යස්ථාන ආරම්භ කිරීම අමනොඥ ක්‍රියාවක් බවත්  රජයේ මුදල් නිකරුනේ විනාෂා කිරීමකි. මේතුලින් අතිගරු ජනාදිපති තුමාන් බලාපොරොත්තු වු කාරනාව ඉටුනොවනු ඇතැයි සිත්තම් ගලු නැණසල මධ්‍යස්ථානාධිපති පූජ්‍ය අගලකඩ පුඤ්ඤරතන හිමියන්  project coordinator Yasas wickramasekara  ඊයේ 2014.07.06 දින සිත්තම්ගලු නැණසල මධ්‍යස්ථානය පිළිබදව තොරතුරු සොයා බැලීමට පැමිනි අවස්ථාවේ ප්‍රකාශකර ඇත.




   
උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශකරේ අද වන විට‍ අප ආයතනයතුළ සතියක ළමුන් 93 පමන ඉගනුම ලබන බවත් පරිගනක ප්‍රමානවත් තරම් නොමැති වීම හේතුවෙන් ඉල්ලුම් කර ඇති සිසුන් බදවා ගැනීමට නෙහැකි බවත්.ICT කළමනාකාර වරයාට අවස්ථා ගනනාවකදී මේපිළිබදව දැනුම් දුන්නද ප්‍රතිපලයක් නොවූබවයි.

    අපගේ දැඩි ඉල්ලීම මත මීට මාස 06 කට පමන පෙර අපට භාවිතා කරන ලද ඉතා පරන system unit  2 පමනක් ලබා දුන්නා මුලින්ම ඒ පිළිබදව ස්තුතිවන්ත වනවා එහෙත් ඉන් එක් යන්ත්‍රයක RAM card එකක්වත් නැතුවයි ලැබුනේ වෙන කිසිදු දෙයක් අප ආයතනයට ලැබී නැ.

Siththamgallena Rajamaha Viharaya





වළගම්බා රාජ සමයට එනම් ක්‍රි.පු 1වන සියවසයට නෑකම් කියන ඓතිහාසික කටාරම් සහිත ගල් ලෙන් වලින් සමන්විත පුරාණ විහාරස්ථානයක් ලෙස සිත්තම් ගල්ලෙන් රාජමහා විහාරය හැදින්වේ.රුහුණු මාගම් පත්තුව ලෙස සලකන වර්තමායේ හම්බන්තොට දිසාවේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වාරාපිටිය ග්‍රාම නිලධාරි වසමට අයත්  අති සුන්දර  රම්මල නම් ග්‍රාමයේ පිහිටා ඇත.
මෙහි පිහිටි කටාරම් සහිත ගල්ලෙන් දෙක වළගම්බා රජු සමයේ ඉදිකළ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේනමක්,සත් සතිය,දම්සක් පැවැතුම් සුත්‍ර දේශනාව,සුජාතාවගේ කිරිපිඩු පිළිගැන්විම ආදී බුද්ධ චරිතයේ විශේෂ අවස්ථාවන් අලංකාර ලෙස මුර්තිමත් කොට ඇත. ඉහළ විහාරයේ මහින්දා ගමනය,පුජක බමුණන්ට වෙස්සන්තර රජුගේ දරුවන් දන්දීම  ආදී චිත්‍ර බිතුසිතුවම් වලින් අලංකෘත කර ඇත.

හත්පසින් අවට පරිසරය සිත්ගන්නා සුළු ඉතා මනරම් දර්ශනයෙන් යුතු ගල්පව්වක් මත චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටිම බැලු බැලුවන්ගේ නෙත් පිනවන දර්ශනයකි.එම ගල්තලා ස්මත්තේ නොසිදෙන ජල පොකුණක් ද වේ.ඓතිහාසික වශයෙන් වැදගත් බෝධින් වහන්සේ ,ධර්ම මන්දිරය,සංඝවාසය,සීමා මාළකය, විෂ්ණු, කතරගම, පත්තිණි හා රජ්ජුරුබණ්ඩාර ආදී දේවරූප අංග සම්පුර්ණ වී ඇත.

Spoken English Training School









සිත්තම්ගලු නැණසල  පරිගනක මධ්‍යස්ථානය තවදුරටත් ඉදිරි පියවරක් තබමින් Spoken English පුහුණු පාසලක්ද අරම්භකෙරුනා එහි ඇති විශේෂත්වය වන්නේ ඉතා සාර්ථක ඉගනුම් ඉගැන්වීමේ ක්‍රමවේදයන් භාවිතා කිරීමයි. මැලේසියාවේ FTMS college හි ඉංග්‍රිසි අධ්‍යාපනය ලැබු  වලස්මුල්ල ජාතික පාසලේ ආචාර්ය ශාත්‍රපති අගලකඩ පුඤ්ඤරතන හිමියන්(සිත්තම්ගලු නැණසල කළමනාකරු) මෙම පාඨමාලාව මේහෙයවීම සිදුකරනු ලබනවා.