Social Icons

Siththamgallena Rajamaha Viharaya





වළගම්බා රාජ සමයට එනම් ක්‍රි.පු 1වන සියවසයට නෑකම් කියන ඓතිහාසික කටාරම් සහිත ගල් ලෙන් වලින් සමන්විත පුරාණ විහාරස්ථානයක් ලෙස සිත්තම් ගල්ලෙන් රාජමහා විහාරය හැදින්වේ.රුහුණු මාගම් පත්තුව ලෙස සලකන වර්තමායේ හම්බන්තොට දිසාවේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වාරාපිටිය ග්‍රාම නිලධාරි වසමට අයත්  අති සුන්දර  රම්මල නම් ග්‍රාමයේ පිහිටා ඇත.
මෙහි පිහිටි කටාරම් සහිත ගල්ලෙන් දෙක වළගම්බා රජු සමයේ ඉදිකළ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේනමක්,සත් සතිය,දම්සක් පැවැතුම් සුත්‍ර දේශනාව,සුජාතාවගේ කිරිපිඩු පිළිගැන්විම ආදී බුද්ධ චරිතයේ විශේෂ අවස්ථාවන් අලංකාර ලෙස මුර්තිමත් කොට ඇත. ඉහළ විහාරයේ මහින්දා ගමනය,පුජක බමුණන්ට වෙස්සන්තර රජුගේ දරුවන් දන්දීම  ආදී චිත්‍ර බිතුසිතුවම් වලින් අලංකෘත කර ඇත.

හත්පසින් අවට පරිසරය සිත්ගන්නා සුළු ඉතා මනරම් දර්ශනයෙන් යුතු ගල්පව්වක් මත චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටිම බැලු බැලුවන්ගේ නෙත් පිනවන දර්ශනයකි.එම ගල්තලා ස්මත්තේ නොසිදෙන ජල පොකුණක් ද වේ.ඓතිහාසික වශයෙන් වැදගත් බෝධින් වහන්සේ ,ධර්ම මන්දිරය,සංඝවාසය,සීමා මාළකය, විෂ්ණු, කතරගම, පත්තිණි හා රජ්ජුරුබණ්ඩාර ආදී දේවරූප අංග සම්පුර්ණ වී ඇත.

Spoken English Training School









සිත්තම්ගලු නැණසල  පරිගනක මධ්‍යස්ථානය තවදුරටත් ඉදිරි පියවරක් තබමින් Spoken English පුහුණු පාසලක්ද අරම්භකෙරුනා එහි ඇති විශේෂත්වය වන්නේ ඉතා සාර්ථක ඉගනුම් ඉගැන්වීමේ ක්‍රමවේදයන් භාවිතා කිරීමයි. මැලේසියාවේ FTMS college හි ඉංග්‍රිසි අධ්‍යාපනය ලැබු  වලස්මුල්ල ජාතික පාසලේ ආචාර්ය ශාත්‍රපති අගලකඩ පුඤ්ඤරතන හිමියන්(සිත්තම්ගලු නැණසල කළමනාකරු) මෙම පාඨමාලාව මේහෙයවීම සිදුකරනු ලබනවා.